තාක්ෂණවේදය විෂයධාරාව හදාර 2015 අපොස උසස් පෙළ විභාගයෙදී ඉහල ප්‍රතිපල ලබාගත් සිසුන් මේ වන විට විශ්ව විද්‍යාල සදහා අයදුම් කර අවසන්.කෙසේවෙතත් ඔවුන් බොහොමයකගේ පළමු තේරීම වශයෙන් නම් කර ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයි.
ඒ අතරින් ඉන්ජිනේරු තාක්ෂණවේදය හැදරු සිසුන් හට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය තුල Bachelor of Engineering Technology (BET) හැදෑරිය හැකි වෙනවා.
මෙහිදී මෙය සිවු අවුරුදු උපාධි පාඨමාලාවක් වන අතර වසරකට 150ක කණ්ඩායමක් බදවා ගන්න බව සදහන් වෙනවා.

පළමු සහ දෙවන අවුරුදු වලදී වම්පස දැක්වෙන අකාරයට පොදුවේ පාඨමාලා පැවැත්වෙන අතර තෙවන අවුරුද්දේදී
1)Energy & Environment Technology - 30 Students
2)Mechatronics Technology - 50 Students
3)Construction and Building Services Technology - 50 Students
4)Archeotechnology - 20 Students
පාඨමාලා බෙදී යනවා.මෙහිදී පාඨමාලා තෝරා ගැනීමට කැමැත්ත සහ කලින් වසරවලදී දැක්වූ දක්ෂතාවයන් පදනම් කර ගන්න බව සදහන්.
මේ පිළිබද වැඩිදුර තොරතුරු ලබාගැනීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෙබ් අඩවියෙන් හැකියාව ලැබේ
http://tech.sjp.ac.lk/bachelor-of-engineering-technology-egt/