ඔබ හදාරන්නේ ඉංජිනේරු තාක්ෂණවේදය වුවත් ජෛව පද්ධති තාක්ෂණවේදය වුවත් ඔබට තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය විෂය 3න් වන විෂය ලෙස තෝරා ගැනීමේ හැකියාව තිබෙනවා..
එමෙන්ම මේ විෂය ධාරා හදාරන සියලු දෙනාට ලබා දිය හැකි හොදම උපදේශය නම් තුන්වන විෂය ලෙස තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය විෂය තෝරාගන්න ලෙසයි.ඊට හේතුව වන්නේ පසුගිය විභාගයේ ඉහලම ඉසෙඩ් අගය හිමිවුයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය විෂයටයි.දිවයිනේ ඉහල ප්‍රතිපල ලත් බොහෝ සිසුන් 3න් වන විෂය ලෙස හදාරා තිබුනේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය විෂයයි.
උදාහරණයක් ලෙස 3න් වන විෂය ලෙස වෙනත් විෂයක් හදාරා එයට ඒ සාමාර්ථ තිබු සිසුන්ගේ දිවයිනේ කුසලතාවට වැඩ ඉහල කුසලතාවක් ලබාගැනීමට තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය විෂයට බී සාමාර්ථ ලබා ගත සිසුන්ට හැකි උනා.
එම නිසා මෙම වෙබ් අඩවිය තුල 3න් වන විෂය ලෙස තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය විෂයට වැඩි ඉඩකඩක් ලබා දීමට අපි තීරණය කළෙමු.එහෙයින් පහත දක්වා ඇති පරිදි ඔබට තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය විෂයේ සම්පුර්ණ සටහන් මාලාවක් බාගත කල හැකියි.
මෙම විෂයේ ප්‍රධාන පාඩම් 13ක් ඇතුලත් වේ.
ඒකකය 1 :
තොරතුරු තාක්ෂණයේ මුලික සංකල්ප ගවේෂණය කිරීම
ඒකකය 2 :
පරිගණක පරිණාමය ගවේෂණය කරයි
ඒකකය3 :
පරිගණක වල දත්ත හා තොරතුරු නිරුපනය කරන අකාරය ගවේෂණය කරයි
ඒකකය 4:
තාර්කික ද්වාර ඔඩා ගනිමින් තාර්කික පරිපථ නිර්මාණය කරයි
ඒකකය 5 :
පරිගණක පද්ධතියේ කාර්යක්ෂමතාවය ඉහල නැංවීමට මතක කළමනාකරණය භාවිත කරයි
ඒකකය 6 :
පරිගනකයක සමස්ත ක්‍රියාවලිය කළමනාකරණය කිරීමට මෙහෙයුම් පද්ධති භාවිත කරයි.
ඒකකය7 :
ගැටළු විසදීමේ ක්‍රියාවලියේදී පරිගණකයට උපදෙස් දීමට පරිගණක ක්‍රමලේඛන භාෂා භාවිත කරයි
ඒකකය8 :
දත්ත සන්නිවේදන හා ජාලකරණ ක්‍රමවේදයන් ගවේෂණය කරයි
ඒකකය9 :
දත්ත කාර්යක්ෂමව හා ඵලදායිව කළමනාකරණය කිරීමට දත්ත පාදක පද්ධතින් සැලසුම් කර ගොඩ නගයි.
ඒකකය10 :
බහු මාධ්‍ය ක්‍රම භාවිත කරමින් වෙබ් අඩවි ගොඩ නගයි
ඒකකය 11 :
තොරතුරු පද්ධතියක් සංවර්දනය කිරීමේ ක්‍රම ගවේෂණය කරයි
ඒකකය 12 :
ව්‍යාපාරික කටයුතු සදහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ යොදාගැනීම් ගවේෂණය කරයි
ඒකකය13 :
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ අනාගත දිශානතිය ගවේෂණය කරයි