වැදගත් ලිපි!

Monday, June 13, 2016

SAS

විභාගයට පෙර Online ප්‍රශ්න පත්‍ර වලට පිලිතුරු ලියා ඔබේ තත්වය මැන ගන්න..




අලුත් වන තාක්ෂනයත් සමග දියුණු වන , සිසුන්ට වඩාත් වැදගත් අංගයක් වන්නේ පරිගණක පාදක ඉගෙනීමයි(Compurt Based Learning-CBL).එයට අවස්ථාව සලසා දෙමින් අප වෙබ් අඩවිය මගින් ඔබට තාක්ෂණවේදය සදහා විද්‍යාවට අදාළ විෂය කරුණු මාර්ගගතව (online) ඉගෙනීමේ අවස්ථාව උදා කර දී ඇත.මෙහිදී විෂයට අදාළ පාඩම් වල Presentation,වීඩියෝ මෙන්ම ප්‍රායෝගික ක්‍රියාකාරකම් සදහා අවශ්‍ය වන දැනුම ඇතුලත් වීඩියෝ නරඹීමේ හැකියාව ඇත. එමෙන්ම විෂයට අදාළ කෙටි සටහන්, සටහන් ආදියද මෙහිදී ඔබට ලබා දීමට අප සැලසුම් කර ඇත.

එහි ප්‍රථම පියවර වශයෙන් වශයෙන් අන්තර්ජාලය හරහා තාක්ෂණවේදය සදහා විද්‍යාව Online විභාග වලට පෙනී සිටීමට දැන් ඔබට අවස්ථාව සලසා දී තිබේ .එහිදී ඔබ ලබා ගන්න ලකුණු එවෙලේම ඔබට දැනුම්දෙන අතර අනෙක් සිසුන් ලබා ගත ලකුණුත් සමග ඔබට හිමි ස්ථානයද දිස් වේ.



කරුණාකර විභාගයකට පෙනී සිටිමට පෙර මෙහි දක්වා ඇති උපදෙස් සහ කොන්දේසි හොදින් කියවන්න


Click to visit Online Exam Section 




උපදෙස් සහ කොන්දේසි 


1) මෙහි ලබා දී ඇති ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමට පොත් පත් හෝ වෙනත් භාහිර ආධාරක යොදා නොගත යුතුය.

2) නිවැරදි එක පිළිතුරකට එක ලකුණක් හිමිවන අතර වැරදි පිළිතුරු වලට ලකුණු අඩු වීමක් සිදු නොවේ.
3)යම් ප්‍රශ්නයකට පිළිතුරු සපයා ඊලග ප්‍රශ්නයට ගිය පසු කලින් ලබා දුන් පිළිතුර මාරු කිරීමට නොහැක.එම නිසා ප්‍රශ්නයකින් ඊලග ප්‍රශ්නයට යාමට පෙර ලබා දුන් පිළිතුර හොදින් පරික්ෂා කර බලන්න.

4) ඔබ යම් කිසි ප්‍රශ්නයක් හිතාමතා අත්හැරිය හොත් එම ප්‍රශ්නයට වැරදි පිළිතුරක් සැපයුවා සේ සලකන ලබනු අතර නැවත එයට ලකුණු එකතු වීමක් සිදු නොවේ.එසේම අතහරින ලද ප්‍රශ්නයකට පිළිතුරු සැපයීමට පසුපසට යා නොහැක

 5) මෙහි ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු සැපයීමෙන් පසු ඔබගේ ලකුණු 'Leaderboard' හි ඔබට හිමි ස්ථානයත් සමග දිස්වේ.

6) ඔබට එක ප්‍රශ්න පත්‍රයකට එක වරකට වඩා වැඩි වාර ගණනක් පිළිතුරු සැපයිය හැක.නමුත් 'Leaderboard' හි දිස්වන්නේ යම් ප්‍රශ්න පත්‍රයකට ඔබ පළමු වර ලබාගත් ලකුණු ප්‍රමාණයයි.

7) එමනිසා ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු සැපයීමේදී හොද අවදානයෙන් යුතුව නිවැරදි පිළිතුරු සපයන්න.එසේ නැතහොත් ඔබේ නමට ඉදිරියෙන් දුර්වල ලකුණු සංඛ්‍යාවක් සටහන් වනු ඇත.

8) යම් කිසි පශ්න පත්‍රයකට පිළිතුරු සපයන අතරතුර අන්තර්ජාල සම්බන්දතාව නැති වී හෝ එවැනි බාධක ඇති වුව හොත් , හැකි වෙලාවක නැවත එම ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සපයන්න.එවිට පිළිතුරු සැපයීමට නොහැකිව ඉතිරි වූ ප්‍රශ්න වලට පමණක් නැවත ලකුණු එකතු වීමක් සිදුවේ.

9) මෙය අපගේ සිසුන් අතර තරගකාරිත්වය වැඩි කිරීමට දරන ප්‍රයත්නයක් වන අතර ඔබද මෙමගින් උපරිම ඵල නෙලා ගැනීමට උත්සුක විය යුතුය.

10) ඔබට මේ පිලිබදව යම් ගැටළුවක් ඇත්නම් අප වෙත යොමු කරන්න.

1 comments:

Write comments